fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොවක් දිනූ “කළු සිංහයා”

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 13:41

ලොවක් දිනූ “කළු සිංහයා”

ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩක ලුෂන් පුෂ්පරාජ් 10 වැනි  ලෝක කාය වර්ධන ශූරතා තරගාවලියේ සමස්ත ශූරතාව ජයග‍්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. තායිලන්තයේ පැවති එම තරඟාවලියේ කිලෝග‍්‍රෑම් 100ට අධික බර පංතියෙන් තරඟ වැදුනු ඔහු තරඟයේ සමස්ත ශූරතාව හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවට නැවත වරක් අභිමානයක් එක්කර දෙමිනුයි.

පසුගිය වසරේ දී දකුණු කොරියාවේ පැවැත්වූ ආසියානු කාය වර්ධන ක්‍රීඩා උළෙලේ දී  රන් පදක්කම දිනා ගැනීමට ද පුෂ්පරාජ් සමත් වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ පැවති  ‘ඇට්ලස් ඇන්ඩ් ක්ලැසික් එක්ස්පෝ’ තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය තළ ඔහු එම     තරගාවලියෙන්    සිවුවන ස්ථානයට දිනා ගත්තා.

ලුෂන් පුෂ්පාරාජ් ශ්‍රී ලංකාවේ වෘත්තීමය ශාරීරික පුහුණුකරුවෙකු ලෙසත් කටයුතු කරනවා.මීට පෙර ද කාය වර්ධන තරග ඉසව්වෙන්  ජාතික හා ජාත්‍යන්තර ජයග‍්‍රහණ රැසක් අපේ රටට හිමිකරදුන් ලූෂන් තම ජයග්‍රහණයෙන් පසු තමන්ට උදවු කළ සියලු දෙනා වෙනුවෙන් තම කෘතඥතාව පළකර තිබුණා..ලුෂන් පුෂ්පරාජ් ඉදිරිපත් වූ තරඟයේ වීඩියෝපටය ඔහුගේ මුහුණු පොත ඔස්සේ පහතින් නරඔන්න..

https://www.facebook.com/1529867057059740/videos/vb.1529867057059740/324231781749436/?type=2&theater

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 13:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo