නවසීලන්තයට එරෙහි ශ්‍රී‍්‍ර ලංකා දෙවෙනි ඉනිමේදී කඩුලු තුනක් බිඳවැටී තිබෙනවා. රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 20 ක්. නවසීලන්තය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 578 ක් රැස්කළා. විශිෂ්ඨ පිති හරඹයක නිරතවූ ටොම් ලතම් නොදැවී ලකුණු 264 යි. කේන් විලියම්සන්, රොස් ටේලර් සහ භෙන්රි නිකලස් අර්ධ ශතක රැස්කර ගත්තා.
පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී‍්‍ර ලංකාව සියල්ලන් දැවීරැස් කළේ ලකුණු 282 ක්. ඒ අනුව ශ්‍රී‍්‍ර ලංකාව මේ වනවිට කඩුලු 7 ක් අතැතිව ලකුණු 276 ක් පසුපසින් සිටිනවා. තරඟය පැවැත්වෙන්නේ වෙලින්ටන් බේසිං රිසර්ව් කී‍්‍රඩාංගනයේදී.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/283515.jpg”]