fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත පිතිකරුවන් හමුවේ ශ්‍රී‍්‍ර ලංකා පන්දු යවන්නන් දැඩි අසීරුතාවක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 09:54

නවසීලන්ත පිතිකරුවන් හමුවේ ශ්‍රී‍්‍ර ලංකා පන්දු යවන්නන් දැඩි අසීරුතාවක

නවසීලන්ත පිතිකරුවන් හමුවේ ශ්‍රී‍්‍ර ලංකා පන්දු යවන්නන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

ඒ දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදි. පළමු ඉනිම කි‍්‍රඩා කරන නවසිලන්තය මේ වන විට ලකුණු 400 සීමාව ඉක්මවා තිබෙනවා. බිඳවැටී ඇති කඩුලු සංඛ්‍යාව පහක්. විශිෂ්ට පිතිහරඹයක නිරත වන ටොම් ලැතම් ද්විත්ව ශතකයට ළඟාවී සිටිනවා. කේන් විලියම්සන් ලකුණු 91 යි. රොස් ටේලර් සහ භෙන්රි නිකලස් අර්ධ ශතක රැස්කර ගත්තා. පන්දු යැවීමේදි කඩුලු තුනක් දවා ගැනීමට ශ්‍රී‍්‍ර ලංකාවේ ලහිරු කුමාර සමත් වුණා. කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී‍්‍ර ලංකාවට ලබා දුන්නා. ඒ අනුව සියලු කි‍්‍රඩකයන් දැවී ශ්‍රී‍්‍ර ලංකාව පළමු ඉනිමට රැස්කල ලකුණු සංඛ්‍යාව 282 ක්. දිමුත් කරුණාරත්න ,ඇන්ජලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතක රැස්කර ගත්තා. තරගය පැවැත්වෙන්නේ වෙලින්ටන් හි බේසින් රිසව් කි‍්‍රඩාංගණයේදි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2018 09:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්