fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2018 10:14

රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මැතිතුමා ඉදිරියේයි වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේ.

මීට පෙර 1993 වසරේ සිට 1994 දක්වාත් 2001 වසරේ සිට 2004 දක්වාත් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පසුවද  අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.  වික්‍රමසිංහ මහතා 2015 මහ මැතිවරණයෙන් පසු යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණා.

පසුගිය ඔක්තෝම්බර් 26 වනදා ජනාධිපතිවරයා විසින් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කළා . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත්වූ  අතර ඊයේ(15) දිනයේ දී රාජපක්ෂ මහතා තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද යළිත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.  තවත් ස්වල්ප වේලාවකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී  විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2018 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්