fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“පේතායි” ඉදිරි පැය 24දී චණ්ඩ වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2018 10:22

“පේතායි” ඉදිරි පැය 24දී චණ්ඩ වෙයි

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක්( “පේතායි ”) දක්වා වර්ධනය වී අද අලුයම 01.30 වන විට උතුරු අක්ෂාංශ 11.0 සහ නැගෙනහිර දේශාංශ 84.7 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 465ක් පමණ නැගෙණහිරට බරව ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කරනවා.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙයි. මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරන බව ද දැනට  නිකුත් කර ඇති කාලගුණ නිවේදනයේ සඳහන්.

අද (16) දිනයේ දී මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙස උපදෙස් දී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන්  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා  සිටිනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2018 10:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්