අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් මනාල යුවලක් තුවාල ලැබුවා.
අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර 99 වන කිලෝමීටර් කනුව ආසන්නයේදී ඊයේ පස්වරුවේයි අනතුර සිදුව තිබෙන්නේ.
මාතර ප්රදේශයේ පැවති විවාහ මංගල උත්සවයෙන් අනතුරුව දෙවනි ගමන සදහා පිටත් වෙමින් සිටි අතරතුර මනාල යුවල මෙම අනතුරට මුහුණ දුන්නා.
මනාලයා මෝටර් රථය පදවාගෙන පැමිණ ඇති අතර එය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ මනාල යුවල කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.