පොදු ජන පෙරමුණේ යටතේ පවතින රත්නපුර මහ නගර සභාවේ මංගල අයවැය යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
රත්නපුර මහ නගර සභාවේ මන්ත්රීවරුන් විසිපස් දෙනාගෙන් විසි හතර දෙනෙකුම මෙම අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය ප්රකාශ කර තිබෙනවා. එක් එක් මන්ත්රීවරයාගේ නමින් මෙහිදී ඡන්ද ප්රකාශ කිරීම සිදු වුණා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්රීවරයා සභාවට පැමිණ නොසිටි අතර අනෙක් මන්ත්රීවරුන් සියළු දෙනාම අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා.
රුපියල් කෝටි සියයකට අධික මෙම අයවැය යෝජනාව රත්නපුර මහ නගරසභා ඉතිහාසයේ වැඩිම මුදලක් සහිත අයවැය යෝජනාවද වනවා. රත්නපුර මහ නගර සභාව පොදු ජන පෙරමුණු මන්ත්රීවරුන් දොළොස් දෙනෙකු, එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් දස දෙනෙකු, ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් දෙදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්රීවරයෙකුගෙන් සමන්විතයි. මෙම ඡන්ද විමසීම ඉතා සාමකාමී අයුරින් පැවැත්වුණා.