fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට‍්‍රම්ප්ගෙන් නව කාර්ය මණ්ඩල ප‍්‍රධානියෙක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2018 10:20

ට‍්‍රම්ප්ගෙන් නව කාර්ය මණ්ඩල ප‍්‍රධානියෙක්

ඇමරිකාවේ ධවල මන්දිරයේ වැඩ බලන ප්‍රධානියා ලෙස මයික් මුල්වේනි පත් කිරීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

මුල්වේනි පනස් එක් හැවිරිදි වියේ පසු වන අතර ඔහු එරට කළමනාකරණ සහ අයවැය කාර්යංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් සිටියා. ධවල මන්දිරයේ වර්තමාන ප්‍රධානී ජෝන් කෙලී මෙම මාසයේදී ඉවත් වීමට නියමිතයි. ඒ හේතුවෙන් මෙම පත් කිරීම සිදු කළ බවයි ඇමරිකා ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ. ජෝන් කෙලී ඔහුගේ සේවා කාලය තුළ හොදින් කටුයුතු කරමින් තම රට ඉදිරියට ගෙන ඒමට සහාය වූ බව ඩොනලඩ් ට්‍රම්ප් සිය ට්විටර් පණිවුඩයේ දක්වා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2018 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්