රුපියල් ලක්ෂ 121 කට වැඩි වටිනාකමින් යුතු හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නුගේගොඩ පාගොඩ පාර ප්‍රදේශයේදී. හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 11 කට වැඩි ප්‍රමාණයක් තී‍්‍රරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
අත්අඩංගුවට පත්වුණේ දෙහිවල පදිංචි දෙදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විමර්ශන සිදුකරනවා.