හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිසියට මීට ටික වේලාවකට පෙර අත්සන් තැබුවා.
ඒ කොළඹ විජයාරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදීයි.
මහින්ද ජාතිය අමතයි – අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක
අග්රාමාත්යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා අද ජාතිය අමතා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
රටේ ස්ථාවරත්වය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තු මන්තී්ර නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් ශ්රී්ර ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී්ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති මෛතී්රපාල සිරිසේන මැතිතුමා සමඟ එක්ව තවදුරටත් කටයුතු කරන බව ද නාමල් රාජපක්ෂ මන්ති්රවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙනවා.
To ensure stability of the nation, Former President @PresRajapaksa has decided to resign from the Premiership tomorrow after an address to the nation. The SLPP with Frm President, SLFP & others will now work to form a broader political coalition with President Sirisena.
— Namal Rajapaksa (@RajapaksaNamal) December 14, 2018