fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවේ මගී ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2018 17:17

ඇමරිකාවේ මගී ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමක

ඇමරිකාවේ සියැටල් සිට ඩලාස් දක්වා පියසර කරමින් තිබූ මගී ගුවන් යානයක් ගුවන් ගතවූ තොටුපොලටම යළි ගොඩබස්සවා තිබෙනවා. ඒ ඇසුරුම් කර තිබූ මිනිස් හදවතක් ගුවන් යානයෙන් ඉවතට ගැනීමට අතපසුවීම හේතුවෙන්. මිනිස් හදවත කැලිෆෝනියා නගරයේ සිට සියැටල් හි රෝහලක් වෙත භාරදීමට නියමිතව තිබූ බවයි ගුවන් යානා සමාගම සදහන් කළේ.

එභෙත් සියැටල් හිදී එය රෝහල වෙත භාරදීමට අතපසුවී තිබෙනවා. ඩලාස් දක්වා ගුවන් ගතවූ මෙම යානය පැය ගණනකට පසු යළිත් සියැටල් වෙත ලගාවී ඇත්තේ එම හදවත රෝහලට භාරදීමේ දැඩි අවශ්‍යතාව හේතුවෙන්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2018 17:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්