බේරුවලදී අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ලබන 20 වනදා දක්වා. සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (14) ඉදිරිපත් කළ අවස්ථාවේදි මෙම නියෝගය ලබා දුන්නා.
යටියන්තොට දී අත්අඩංගුවට ගත් සැකකරු බේරුවල – මොරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පසුගියදා අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 231 වටිනාකම රුපියල් මිලියන 2778 ඉක්මවනවා.