ජාතික යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරඟාවලිය ලබන මස 19 වනදා කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
මේ වන විට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසි දෙනෙකු මලල ක්‍රීඩා සංචිතයකට එක් කර තිබෙනවා.
එම සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයින්ද ලබන මස 19 වනදා පැවැත්වීමට නියමිත යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය සදහා එක්වනු ඇති.
එහිදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන මාර්තු මස හොංකොං හිදී පැවැත්වෙන තුන්වන ආසියා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට නියමිතයි.
එහිදී වැඩි පදක්කම් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව දිනා ගනු ඇතැයි ජාතික මලල ක්‍රීඩා සංගමය බලාපොරොත්තු වනවා.