දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ තුවාල ලබා සිටි කළණ හස්තියා වෙනුවෙන් ආවරණ සහිත නිවහනක් ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා.
මීට මාස කිහිපයකට පෙර කළණ හස්තියා තුවාල ලබා පීඩාකාරී අයුරින් සිටින අයුරු ස්වාධීන රුපවාහිනිය ඔස්සේ අප හෙළි කළා. අනතුරුව හස්තියා වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. හස්තියාට අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම පහසුකම් ලබා දීමට ද අදාළ අංශවල අවධානය යොමු කිරීමට අප පියවර ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙසයි කළණ හස්තියාට මෙම නිවහන ඉදිකර තිබෙන්නේ. කළණ මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා රිදියගම සෆාරි උද්‍යානයේ සුවසේ කාලය ගත කරන අයුරු දැක ගැනීමට පුළුවන්.