fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පස්සරින් හමුවූ විශාල ප්‍රමාණයේ දුර්ලභ සත්වයා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2018 11:26

පස්සරින් හමුවූ විශාල ප්‍රමාණයේ දුර්ලභ සත්වයා

පස්සර සපුරොද ප්‍රදේශයේ කැලෑවක මද්දකට හසුවී සිටි දුර්ලභ හදුන් දිවියකු බේරා ගැනීමට හැකි වී තිබෙනවා.

හදුන් දිවියා මද්දට හසුවී සිටින අයුරු පැල්ගහතැන්න විශේෂකාර්ය බලකායේ නිළධාරීන් දැක තිබෙනවා.

ඔවුන් ඒ බව රාවනා ඇල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුවයි හදුන් දිවියා බේරා ගැනීමට කටයුතු කර ඇත්තේ.

වයස අවුරුදු 10 ක් පමණ වන හදුන් දිවියා නිරෝගී තත්ත්වයෙන් සිටින බවයි වනජීවී නිලධාරින් සදහන් කළේ.

එම සත්වයා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයට  භාර දීමට කටයුතු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2018 11:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්