මත්කුඩු ජාවාරමේ නිරත තරුණයන් දෙදෙනෙක් කැකිරාව මරදන්කඩවල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී මත්කුඩු මිලිග්රෑම් 3300 ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් 21 හැවිරිදි වියෙහි පසුවෙනවා.
ඔවුන් අවට ප්රදේශවල පාසල් දරුවන්ට සහ තරුණයන්ට මත්කුඩු අළෙවි කර ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.
පොලිස් නිල සුනඛ ක්ලෝරාගේ සහායෙන් සැකකරුවන්ගේ නිවාස ද වැඩිදුර පරීක්ෂා කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙරවරුවේ කැකිරාව දිසා මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.