ප්රංශයේ වෙළද සංකීර්ණයක සිදුකළ වෙඩි ප්රහාරයකට සම්බන්ධ සැකකරු ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සිදුකළ වෙඩි ප්රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා ප්රකාශ කළේ.
සැකකරු වෙළද සංකීර්ණයේ සිදුකළ වෙඩි ප්රහාරයෙන් පුද්ගලයන් 03 දෙනෙක් මියගොස් තවත් කිහිපදෙනෙක් බරපතල තුවාල ලැබුවා.
29 හැවිරිදි සැකකරු ප්රංශයේ සහ ජර්මනියේ අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවයි පරීක්ෂණවලදී හෙලිවුණේ.