fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රෝලර් යාත‍්‍රා හිමිකරුගේ නිවසින් හමුවූ චන්දි‍්‍රකා දුරකථන ගැන පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 18:11

ට්‍රෝලර් යාත‍්‍රා හිමිකරුගේ නිවසින් හමුවූ චන්දි‍්‍රකා දුරකථන ගැන පරීක්ෂණ

මත්කුඩු ප‍්‍රවාහනයට සම්බන්ධ ට්‍රෝලර් යාත‍්‍රා හිමිකරුගේ නිවසේ තිබී සොයාගත් චන්දි‍්‍රකා දුරකථන සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

බේරුවල පිහිටි ඔහුගේ නිවස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පරීක්ෂා කළා. එහිදි චන්දි‍්‍රකා දුරකථන දෙකක් සොයාගත් බවයි පොලිසිය පවසන්නෙ. මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ පනස් නවයක මුදලක් ද හමුවූ බව පොලීසිය ප‍්‍රකාශ කළා. සැකකාර ට්‍රෝලර් යාත‍්‍රා හිමිකරුගෙන් මේ වන විට රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කරන බවයි පොලීසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්