මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේදී දිවියෙකුගේ පහරකෑමකට ලක්ව භික්ෂූන් වහන්සේනමක් අපවත් වී තිබෙනවා.
කැලෑබද ප්‍රදේශයක ගසක් යට භාවනායෝගීව සිටියදී අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. භික්ෂූන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානය එම කැලෑවේ පිහිටා තිබෙනවා. දිවියන් නිරන්තරයෙන් ගැවසෙන නිසා වනාන්තරය තුළට යාමෙන් වලකින ලෙසට වනජිවි නිලධාරින් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබූ බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.