ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා නාමයෝජනා භාර ගැනීමේ අවසන් දිනය ලබන 21 වනදා දක්වා කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි හත්වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එහි ඡන්දය හිමි ක්‍රීඩා සමාජ නාමලේඛනය සදහා විරෝධතා හතරක් මේ වන විට ගොනු කර ඇතැයි සදහන්. එම විරෝධතා සළකා බැලීම සිදු කළ යුත්තේ අභියාචනා කමිටුවක් මගිනුයි. එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයෙකු මේ වන විට නොසිටීම හේතුවෙන් අභියාචනා කමිටුවක් පත් කර නැහැ. මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන නාමයෝජනා භාර ගන්නා අවසන් දිනය කල් දමන ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රිකට් නිලවරණ කමිටුවෙන් ඉල්ලා තිබෙනවා. නාම යෝජනා භාර ගන්නා අවසන් දිනය ලබන 17 වනදා බවයි මීට පෙර නිවේදනය කර තිබුණේ. මේ අනුව නාමයෝජනා භාරදීම අවසන් දිනය ලබන 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 09 වනදාට පෙර පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගියදා දැනුම් දුන්නා.