fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වාලමලෙයි රක්ෂිතයේ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට පියවර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 09:52

වාලමලෙයි රක්ෂිතයේ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට පියවර

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි  රක්ෂිත ප්‍රදේශයේ ගින්න හට ගත්තේ ඊයේ පස්වරු කාලයේදීයි.  නල්ලතන්නිය පොලීසිට ගින්න පැතිරයාම වැළැක්වීමට කටයුතු කළා.

එහෙත්  රක්ෂිතයේ ඉහල කදු මුදුනේ ගින්න හට ගෙන තිබූ ප්‍රදේශයට ලගාවීම අපහසුවීම හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීම සදහා ගුවන් හමුදා සහාය ලබා ගැනුණා.

ඒ අනුව එම්.අයි.17 හෙලිකොප්ටර් යානය මවුස්සාකැලේ ජලාශයේ සිට ජලය රැගෙන විත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට පියවර ගත්තා.

එම රක්ෂිතයට ඉහළ ප්‍රදේශයේයි ශ්‍රී පාද රක්ෂිතය පිහිටා තිබෙන්නේ.  කිසියම් පුද්ගලයතු මෙම ගිනිතැබීම සිදු කරන්නට ඇති බවයි නල්ලතන්නිය පොලීසිය  පවසන්නේ.

ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 03 කට ආසන්න් ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්