Country | Buying | Selling | |
![]() | Dollar | 179.39 | 183.06 |
USA | |||
![]() | Pound | 232.18 | 239.41 |
UK | |||
![]() | Euro | 197.73 | 204.49 |
EU | |||
![]() | Yen | 1.62 | 1.67 |
Japan | |||
![]() | Yuan | 25.72 | 6.91 |
China | |||
![]() | Dollar | 121.84 | 126.92 |
Australia |
රාජ්‍ය දැව සංස්ථාව තෙවන වරටත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
Related Articles
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය මෙවර ද රාජ්‍ය දැව සංස්ථාව විසින් හිමිකරගත් අතර විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එම සම්මානය ඉදිරිපත් කිරීම ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
රාජ්‍ය දැව සංස්ථාව විසින් මෙම සම්මානය දිනාගත් තෙවන අවස්ථාව මෙය වන අතර සංස්ථාවේ කාර්යභාරය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් කෙරිණි.
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා විසින් සම්මානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ක්‍රියාකාරී අධ්යක්ෂ එම්.වයි.ටී. පවර කුමාර මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.