fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තෙරේසා මේ විශ්වාසභංගය ජය ගනී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 08:57

තෙරේසා මේ විශ්වාසභංගය ජය ගනී

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ නියෝජනය කරන  පක්ෂයේ  නායකත්වය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් ඇය ජයග්‍රහණය කර තිබෙනවා.

ඡන්ද විමසීමේදී ඇයට පක්ෂව ඡන්ද 200 ක් හිමි වූ අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 117 ක් පමණයි. සියයට 63 ක ඡන්ද ප්‍රතිශතයක් සමග ජයග්‍රහණය කළ තෙරේසා මේ තවත් වසරක් යන තුරු ඇයගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නැහැ. තෙරේසා මේ ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ද ඇය නියෝජනය කරන කොන්සවේටිව් පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක්.  සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ තෙරේසා මේ පැවසුවේ යුරෝපා සංගමයෙන් වෙන් වීම මෙම ජයග්‍රහණය හරහා අනුමත වන බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2018 08:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්