රත්නපුර ඇඹිලිපිටිය ප්රධාන මාර්ගයේ රිය අනතුරක්; අයෙකු මරුට
Related Articles
රත්නපුර ඇඹිලිපිටිය ප්රධාන මාර්ගයේ 96 වෙනි සැතපුම් කණුව අසළදී සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වුණා.
බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.
අනතුරත් සමග ප්රකෝපකාරීව හැසිරුණු පිරිස් බස්රථයට ගිනි තබා තිබෙනවා.
පැල්මඩුල්ල ප්රදේශයේ සිට කතරගම වන්දනා චාරිකාවක් ගොස් එමින් සිටි බස් රථයක් සහ යතුරු පැදියකුයි ගැටී තිබෙන්නේ.
එහිදි යතුරුපැදයේ ගමන්ගත් පුද්ගලයකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
බස් රථයේ රියදුරු පොලීසියට භාර වී තිබෙනවා.