2030 වසර වන විට ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ මාර්ග අනතුරු හේතුවෙන් බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති ආචාර්ය සිසිර කෝදාගොඩ මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ ද මාර්ග අනතුරු හේතුවෙන් සෑම පැය තුනකටම වරක් පුද්ගලයෙකු මිය යන බවයි ඒ මහතා පවසන්නේ. කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
විද්‍යුත් තාක්ෂණික රියදුරු පුහුණු යන්ත්‍ර තුනක් මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවට පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එහි රියදුරු පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ඒ ජපානයේ එන්ටීකේ ආයතනයේ රුපියල් මිලියන 15 ක ආධාර යටතේයි. රියදුරු බලපත්‍ර ලබාගැනීමට පළමුව තාක්ෂණය යොදා ගනිමින් රිය පැදවීමට පුහුණුව ලබාදීම මෙම විද්‍යුත් තාක්ෂණික රියදුරු පුහුණු යන්ත්‍ර මගින් සිදු කිරීමට අපේක්ෂා කෙරෙනවා. එමගින් මාර්ග අනතුරු අවම කර ගැනීමයි අරමුණ. ජපානයේ එන් ටී කේ ආයතනයේ සභාපති මිසාඕ කජියාමා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති ආචාර්ය සිසිර කෝදාගොඩ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=1lgwK5O8O3w&feature=youtu.be&fbclid=IwAR3JTuJ_hzBa-XpuHeazdCJ2bhMFcl7tYrz_74lMF0fvrdH6_XPupt7ujvE”]