fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”සොදුරු ආඥාව” ජනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2018 11:30

”සොදුරු ආඥාව” ජනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

ජන අභිමානී ගෞරව ප්‍රණාම සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. එහිදී ස්වාධීන රූපවාහිනියේ උදය කුමාර තෙන්නකෝන් මහතාටද සම්මානයක් හිමි වුණා.

සමස්ත ලංකා නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයයි ජනඅභිමානී ගෞරව සම්මාන උළෙල සංවිධාන කළේ. මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ඨයින් අගය කරමින් මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ දහවන වරටයි. උත්තම සේවා සම්මාන මෙන්ම අංශ කිහිපයක් ඔස්සේ මෙම සම්මාන ප්‍රදානය කෙරුණා.

ජනාභිමානී ගෞරව මාධ්‍යවේදී සම්මානය දිනා ගැනීමට ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදක උදය කුමාර තෙන්නකෝන් මහතාට හැකි වුණා. ITN ඔස්සේ විකාශය වන සොදුරු ආඥාව වැඩසටහන නිෂ්පාදනය කිරීම වෙනුවෙනුයි මෙම සම්මානය ප්‍රදානය කෙරුණේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2018 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්