ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරිමේ පුහුණුවීම් හෙටින් (13) ආරම්භ වනවා. ධනංජයගේ පන්දු එල්ල කිරීමේ කෝණය දැනට පවතින රෙගුලාසි යටතේ අවසර හිමිවන අංශක 15 ක ආනතිය ඉක්මවා යන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සදහන් කළේ. ඒ අනුව ජාත්‍යන්තර තරගවලදී අකිල ධනංජයගේ පන්දු යැවීම අත්හිටුවා තිබෙනවා. එම ඉරියව්ව නිවැරදි කිරිමේ පුහුණුවීම් හෙට(13) සිට ආරම්භ කරන බවයි ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා සදහන් කළේ.