fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද්ධ හමුදාව විසින් ඉදිකළ නව ක්‍රිකට් ක්‍රීඩාංගණය යුද හමුදාපති අතින් විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2018 11:30

යුද්ධ හමුදාව විසින් ඉදිකළ නව ක්‍රිකට් ක්‍රීඩාංගණය යුද හමුදාපති අතින් විවෘත කෙරේ

යුද හමුදාව ඉදිකළ අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා පිටිය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතින් විවෘත කෙරුණා.

හොරණ දොඩංගොඩ යුද හමුදා මූලස්ථාන කදවුරු භූමියේයි මෙම ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉදිකර ඇත්තේ. එහි ඉදිකිරීම් යුද හමුදා යුධෝපකරණ බළකාය සිදු කළා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ක්‍රීඩාපිටිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම කැපී පෙනුනා. එහිදී පන්දු යැවීමට හා පන්දුවට පහරදීමට යුද හමුදාපතිවරයා  ද එක් වුණා. මෙම ක්‍රීඩාපිටිය නවීන පහසුකම්වලින් යුක්තයි. ක්‍රිඩාපිටිය විවෘත කිරීමේ අවස්ථාවට යුද හමුදාවේ උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2018 11:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්