යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුම් හට ගත්තා. නවක වද සිදුවීමක් ඊට හේතුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තුවාල ලැබූ තුන් දෙනෙක් ප්රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මූලස්ථාන පොලිසියයි විමර්ශන සිදුකරන්නේ. ගැටුම හටගෙන තිබෙන්නේ සිව් වන වසරේ සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර.