බ්‍රසීලයේ ප්‍රසිද්ධ නගරයක් වන සාඕ පෝලෝ නගරයේ කතෝලික දේවස්ථානයක සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
සාඕ පවුලෝ නගරයේ පිහිටා තිබෙන මෙට්රෝපෝලියන් දේවස්ථානයේ යි වෙඩි තැබීම සිදු වී ඇත්තේ. එම දේවස්ථානයේ දහවල් වරුවේ පැවැති දේව මෙහෙයට සහභාගි වී සිටි පුද්ගලයින් අතරින් එක් අයෙකු වෙඩි තැබීම සිදු කර ඇති බව සදහන්. වෙඩි තැබිම සිදු කළ පුද්ගලයා රිවෝල්වරයක් සහ පිස්තෝලයක් රැගෙන ආ බවද බ්‍රසීල පොලිසිය පවසනවා. දේව මෙහෙය අවසන් වනවාත් සමඟම එම පුද්ගලයා තම ආසනයෙන් නැඟිට වෙඩි තඩා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙඩි තැබීමෙන් අනතුරුව එම පුද්ගලයා අල්තාරය අසලට ගොස් සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ. මෙම පුද්ගලයා මෙතෙක් හදුනාගෙන නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.