ජනප්‍රිය ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වුණා.
හෘද ශල්‍යකර්මයක් සිදුකර රෝහල්ගත කර සිටියදී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වන විට 67 වන වියෙහි පසුවුණා. දෙදරු පියෙකු වන ඒ මහතාගේ දේහය නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ හතරවන පටුමගේ පිහිටි නිවෙස වෙත අද රාත්රියේදී රැගෙන ඒමට නියමිතයි. අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතියෙකු සදහන් කළේ. දශක ගණනාවක් තිස්සේ ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කළ උපාලි කන්නන්ගර මහතා ගැයූ ගී බොහොමයක් අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා.