අන්තර් ක්රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ යුද හමුදා රග්බි ක්රීඩා සමාජය සමග පැවති තරගයෙන් ජයගැනීමට නාවික හමුදා රග්බි කණ්ඩායම සමත්වුණා.
රත්මලාන ගුවන් හමුදා ක්රීඩා පිටියේ පැවති තරගයේ නාවික හමුදා කණ්ඩායම මුල සිටම ආක්රමණශීලී තරග රටාවක නිරත වුණා. තරගය නිමාවන විට යුද හමුදා කණ්ඩායම ලකුණු 14 ක් ලබාගෙන සිටියා. ඒ ගෝල දිනුම් දෙකක් සමගිනුයි. තරගය නිමා වනවිට නාවික හමුදා රග්බි කණ්ඩායම ගෝල දිනුම් තුනක් හා දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 29 ක් ලබා ගැනීමට සමත් වුණා.