එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරුණා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනු කළේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක වන ශර්මිලා ගෝනවල යන අයයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ සමාගමක් වන ලේක්හවුස් ප්‍රින්ටර්ස් සහ පබ්ලිෂර්ස් සමාගමේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව පෙත්සම්කාරිය පවසනවා. එම ආයතනය පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් සමග ගිවිසුම්වලට එළඹ ඇති බවට පෙත්සම්කාරිය චෝදනා කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනූඑකෙන් එක ඊ ව්‍යවස්ථාව අනුව රජය සමග ව්‍යාපාරික ගිවිසුම්වලට එළඹිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වළක්වා ඇති බව පෙත්සම්කාරිය පවසනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීම වළකාලමින් ක්වො වොරොන්ටෝ රිට් නියෝගයක් නිකුත් කරන ලෙසයි ඇය එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුලු පාර්ශ්ව කිහිපයක් මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම්කර තිබෙනවා.