fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”හාවස්ට් 2018” කෘෂිකර්ම ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2018 15:56

”හාවස්ට් 2018” කෘෂිකර්ම ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

හාවස්ට් 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) ආරම්භ කෙරුණා. නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයයි එය සංවිධාන කරන්නේ.

හාවස්ට් 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි. මෙම ප්‍රදර්ශනය ලබන 16 වනදා තෙක් පැවැත්වෙනවා. ප්‍රදර්ශන කුටි, ආහාර අලෙවිසල්, පළතුරු හා එළවළු අලෙවිසල් ආදි අංශ ගණනාවකින් එය සමන්විතයි. දෙස් විදෙස් කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැසක් ඊට එක්ව සිටිනවා. ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක්වුණා. කාර්ය මණ්ඩලය සමග සුහද කතාබහක නිරතවීමට ද ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2018 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්