ජීවන වියදම අවමකිරිම සදහා සහන ලබාදෙන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ප්‍රකාශ කළා.
ඒ පැරිස් අගනුවර සති ගණනාවක් පුරා විරෝධතාවලට එක්වූ පිරිසට ප්‍රතිචාර දක්වමින්. අවමවැටුප ඉහල නැංවීමට සහ බදු සහන ලබාදීමටයි ජනාධිපතිවරයා එකඟවී තිබෙන්නේ. ඉන්ධන බදු වැඩිකිරිමට සහ ජිවන වියදම ඉහලයාමට එරෙහිව පැවති විරෝධතාවලදී දහසකට වැඩි පිරිසක් එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.