fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔබේ දහම් තියේද දැන්,දිව නෙතින් බලන්…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2018 16:56

ඔබේ දහම් තියේද දැන්,දිව නෙතින් බලන්…

නත්තල කියන්නේ උපත කියන එක කියලා එක විදිහකට කියන්න පුළුවන්.. මේ ලෝකයේ සුවිශේෂ උපතක් සිද්ධ වෙනවා. ඒ තමයි ජේසුස් වහන්සේගේ උපත…ජේසුගේ උප්පත්තිය කිසිසේත්ම වැදගත් වෙන්නේ නැහැ ජේසුගේ මරණයට…ගොල්ගොතාවේ ලේ වැගිරීම ගැන කතා කළ යුතුමයි නත්තල ගැන කතා කරනකොට. මොකද ඒ මරණය නොවෙන්නට මේක නිකන්ම නිකන් උපතක් විතරක් බවට පත්වෙනවා… මහාචාර්ය සුනිල් අරියරත්ත මහතා ඉතාම විශිෂ්ට ලෙස මේ ගීතය තුළින් ස්පර්ශ කරලා තියනවා මෙන්න මේ යථාර්තය..

පැල්පතේ හඩද්දි සා දුකින් දුගී ළමෝ
මන්දිරේක සාදයක්ය මිහිරි නත්තලේ
ඒය නොවේය ස්වාමිනේ ඔබ දෙසූ දහම්
ගොල්ගොතාව කුරුස කන්ද රතු ලෙයින් තෙමා….

නමුත් මිනිස්සු මේ පිළිබදව තේරුම් ගන්නේ මේ උප්පත්තිය සිද්ධවෙලා අවුරුදු ගණනාවකට පස්සේ..මේ සුවිශේෂ උප්පත්තිය සිද්ධවුණු අත්දැකීම මිනිස්සු තේරුම් ගන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණෙන් පස්සේ.. උන්වහන්සේගේ මරණය තමයි හේතුවෙන්නේ මේ උප්පත්තිය ගැන හොයාගෙන යන්නටයි.. ඒ මරණය නිසා තමයි මුළු ලෝකයම මේ උප්පත්තිය ගැන හොයන්නේ.. ඒ නිසා ගොල්ගොතාවේ කුරුස කන්ද රතු ලෙයින් තෙමල ඔබ ලෝකයට උගන්වන්නේ හදපු දහම ද දැන් මේ ක්‍රිස්තියානි ආගම තුළ තිබෙන්නේ කියන විමසීම මේ ගීතය ඇතුලේ තියනවා…

ජේසු ස්වාමි දරුවනේ…
දුගී පැලේ දිනා මෙලෝ තලේ දිනූ
ඔබේ දහම් තියෙද දැන් දිව නෙතින් බලන්…

මේ වෙනකොට අපි සියලුදෙනාම එය විමසිය යුතු තැනක තිබෙනවා. ජේසුගේ උපතත් එක්ක, ජේසුගේ මරණයත් එක්ක එක සුවිශේෂ පණිවුඩයක් මේ ලෝකයට ගෙන එනවා. ඒ බලාපොරොත්තු වුණ ජීවිත අහිමි වෙලා හඩාවැවෙටන විනාශ වුණ මිනිසුන්ගේ ජීවිත ගොඩනගන්න ජේසුගේ ජීවිතය හේතුවක් බවට පත්වෙලා තියනවා…

 

ගොල්ගොතාවේ කුරුස කන්දේ දී උන්වහන්සේ මරා දමද්දී රතු ලේවලින් ඒ ගොල්ගොතාව නැහැවෙද්දී ඒ ලේවල වෛරයක් තිබුනේ නැහැ. වෛරය වෙනුවට ඒ හැලෙන හැම ලේ බිදුවකම ප්‍රර්ථනය වුණේ ලෙඩවුණ මිනිසුන්ගේ සුවය… එක තැනක එය ලස්සනට කියවෙනවා කැසියර්ස් ලෝන්ජිරුස් කියන සේනාධිනායකයා ජේසුට හෙල්ලෙන් අනිනවා ජේසු මැරිලද කියල බලන්න, ඒ වෙලාවේ ජේසුගේ ලේ බින්දුවක් ඔහුගේ අන්ධවෙලා තිබුණු ඇහැට වැටිලා ඔහු සුව වුණා කියල සඳහන් වෙනවා. අපි මොකක්ද තේරුම් ගන්න ඕන… තමාව මරන්න.. තමන්ට තුවාල කරන්න ආයුධ අතට ගන්න කෙනාගේ සුවය ජේසුගේ ප්‍රාර්ථනයයි.. එතකොට මේ ලෝකය තුළ අද සිද්ධවෙන්න යන මහා විනාශවලට පිළිතුර තිබෙන්නේ මෙවැනි ආදරයක්, මෙවැනි මෛත්‍රියක් තුළ පමණයි. ආයුධවල නෙවෙයි. පළිගැනීමේ නෙවෙයි. කිසිම සටනකින් ජයග්‍රහණය ලබන්න බැහැ විනාශයක්ම පමණයි ලබන්න පුළුවන්. ජේසු කුරුස ගහේදී ලේ හලමින් ඉගැන්නුවෙත්  “පියාණෙනි මොවුන් නොදැන කරන දෙයට සමාව දෙන්න කියලා… උන්වහන්සේගේ ශරීරයෙන් ගලාගෙන ගිය එක ලේ බිදුවකවත් අනෙක් මනුෂ්‍යාගේ ජීවිතය පිළිබඳව වෛරයකින් නෙවෙයි ගලාගෙන යන්නේ.. සැමට කාමව දී තමාව තුවාල කරන කෙනාගේ සුවය ඔහුට ලබා දෙමින් මේ ලෙය ගලාගෙන යනවා.. එතකොට සුනිල් ආරියරත්නයන් මේ ගිතයේ දී එය මෙසේ ඉදිරිපත් කරනවා..

අලේලූයා… අලේලූයා… අලේලූයා…

ඒ නිසා මේ නත්තල් පටන්ගැන්මට යන්න ඕන මේ මරණයත් එක්ක.. මරණය සිද්ධවුණාට පස්සේ තමයි මේ උපත විශේෂවෙලා තියෙන්නේ…එ් වගේම ජේසු කියල කියන්නේ කිසිම පන්තියකට, කිසිම සමාජයකට, කිසිම කොට්ටාසයකට, තරාතිරමකට සම්බන්ධ කෙනෙක් නෙවෙයි.. මොකද මේ උපත සිද්දවෙලා තියෙන්නේ තමන්ටවත් අයිති නැති තැනක. ඒ කියන්නේ කිසිම අයිතිවාසිකමක් නැති කිසිම උරුමයක් නැති මිනිස්සුන්ට බද්ධවෙලා කිසිම බලාපොරොත්තුවක් නැති කිසිම වටිනාකමක් නැති මිනිස්සුන්ට ඒ සියලු ජීවිතවලට බලාපොරොත්තුව ගේන අත්දැකීම තමයි නත්තල විදිහට එළියට එන්නේ…

රන් රිදී මැණික් නොවේය ඔබ සමීපයේ
දළ පිළී විණා දුහුල් නොවී ශරීරයේ
මන්ද මේ විලාසිතා දේව මන්දිරේ
යලි ගලීලයෙන් නැගී මෙලෝ තලේ බලන්….

ඒ නිසා මම කැමතියි ඔබට මේ නත්තලේ දී ආරාධනා කරන්න සම්පුර්ණයෙන්ම මුළු ලෝකයන්ම එකතුවෙලා නත්තල ගැන කියන්න හදන  දේ නෙවෙයි සම්පුර්ණයෙන්ම වෙනස් මහා ගැඹුරක් යථාර්යථයක් මේ නත්තල එක්ක සැගවිලා තිබෙනවා ඒ යථාර්යථය තේරුම්ගන්න කියලා… ඒ වගේම ඉතා පැහැදිලි ලෙස නත්තල දුගියාගේ නෙවෙයි, නත්තල අසරණයාගේ, තනිවුණ මිනිහාගේ නෙවෙයි. සමස්ත ලෝකවාසීන්ට අවශ්‍ය කරන අලුත් උත්පත්තිය තමයි ජේසුගේ ජීවිතයත් එක්ක එන්නේ…

හරිමිතියාවේ ජෝසප් වගේ පොහොසත් අය, නිකදේමුස් වැනි උන්වහන්සේට විරුද්ධ අදහස් දරණ කණ්ඩායම්වල අය හැමෝටම හැකියාව තිබුණා ජේසු ළගට එන්න. ඒ නිසා කිසිම පන්තියකට, ජාතියකට, වර්ගයකට, ආගමකට හෝ තරාතිරමකට අයිති නොවුනු ඕනෑම මනුෂ්‍යයකුට ලැබිය හැකි ආදරයක් මේ ලෝකෙට ජේසුස්වහන්සේ අරගෙන අවා.. ඒ අාදරයත් එක්ක තමයි ලෝකේ වෙනස්වෙන්නේ.. අවසානයේ තමන්ව මරන්න රෝම අධිරාජයාගෙන් කොන්ත්‍රාත්තුව අරන් තමාට අවි ඔසවන පුද්ගලයාට පවා සුවය සලසමින් ජේසුගේ ජීවිතය  අපට ඉගැන්නුවේ තමාට විරුද්ධවෙන විනාශකාරී ඕනෑම කෙනෙකුට එකම උත්තරය තමාගේ ජිවිතයෙන් ආදරය කිරීම. අනෙකා වෙනුවෙන් මියයාම. ඒ නිසා උන්වහන්සේ ඉපදුනේ අනෙක වෙනුවෙන් මියයන්න.. ඒ මියයාම තමයි උන්වහන්සේගේ උන්වහන්සේගේ දෙවැනි සහ මහා උපත බවට පත්වෙන්නේ.. ඒ නිසා මේ නත්තල අපේ ජීවිතවලට ආදරයේ ශක්තිය  අරගෙන එන මහා බලයක් හැටියට හදුන්වන්න පුළුවන්..

 

ගීතය වෙත-

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2018 16:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්