ශ්රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව එන්ට්රස්ට් සිකියුරිටීස් පී එල් සී නමැති සමාගමක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින චානුක රත්වත්තේ ඇතුළු හය දෙනෙකුට අද ඇප නියම කෙරුණා.
ඒ රුපියල් පනස් දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙක බැගිනුයි.
කොළඹ මහාධිකරණයයි ඇප නියම කළේ. නඩුව පෙබරවාරි මස 11 වනදාට කල් තැබුණා.