ඉන්දීය මහබැංකු අධිපති උර්ජිත් පටෙල් සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සදහන් කර ඇත්තේ පෞද්ගලික හේතූන් මත තමන් ඉල්ලා අස්වන බවයි. 55 හැවිරිදි උර්ජිත් පටෙල් ඉන්දීය මහබැංකුවේ ස්වාධීනත්වය උදෙසා තම රජය සමග මතවාද ඇති කරගෙන තිබුණා. ඔහුගේ ඉල්ලා අස්වීම පිලිබදව විපක්ෂ කොංග්රස් පක්ෂය නරේන්ද්‍ර මෝදි ර ජයට චෝදනා කරනවා.