හක්මන ප්රාදේශීය සභා මන්ත්රිවරයකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 03දෙනෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය නොවැම්බර් 04 වනදා හක්මන පොලිස් වසමේ කැබිලියපොල ප්රදේශයේදී ගිනිඅවියකින් වෙඩි තබා තියුණු ආයුධයකින් පහර දී අදාළ ප්රාදේශීය සභා මන්ත්රීවරයා ඝාතනය කර තිබුණා. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළා. සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තුන් දෙනෙකු සහ සැකකාරියක් මෙන්ම යතුරු පැදි දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දෙයියන්දර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.