සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයන් වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටි පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තිහගොඩ, තණමල්විල සහ කල්මුනේ ප‍්‍රදේශවලදීයී මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ
තිහගොඩ පොලිස් වසමේ පුහුල්වැල්ල ප්‍රදේශයේදී සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රය සදහා ඉදිරිපත් විය යුතු අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් අපේක්ෂකයකු පෙනී සිට තිබෙනවා. තිහගොඩ පොලිස් ස්ථානයට මේ පිලිබද පැමිණිලි කිරීමෙන් පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා. කරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තණමල්විල බෝදාගම පාසලකදී ද විභාග අපේක්ෂකයකු වෙනුවෙන් පෙනී සිටි වෙනත් පුද්ගලයකු තණමල්විල පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා. සැකකරු වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සිද්ධීන්වලට අදාළ විභාග අපේක්ෂකයන්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා. මේ අතර කල්මුනේ පොලිස් වසමේ සයින්දමරදු ප්‍රදේශයේ පාසලකදී සාමාන්‍ය පෙළ විභගායේ ගණිතය ප්‍රශ්න පත්‍රය සදහා ඉදිරිපත් විය යුතු අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් පුද්ගලයකු පෙනී සිට තිබෙනවා. විභාග අධීක්ෂක නිළධාරීන් කල්මුනය පොලීසියට කළ දැනුම්දීම මත සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.