fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 18:01

රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම ඇරඹෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම ආරම්භ වුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේදී.

රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ කර ඇති ප‍්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයින්ට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබෙන්නේ සුනිල් පෙරේරා නැමැත්තෙකු හා පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන්වහන්සේ. මේ ප‍්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. රන්ජන් රාමනායක මහතාට එරෙහිව සිතාසි නිකුත් කිරිමට හා නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තමා කටයුතු කළ බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර් ප‍්‍රදිප් මහමුතුගල මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ. මාධ්‍යවේදින් පස් දෙනෙකු ඇතුළු සාක්ෂිකරුවන් ද මීළඟ දිනයේ දි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.

වැඩිදුර සාක්ෂි විමසීම කල්දමා තිබෙන්නේ ජනවාරි මස 28 , 29 හා 30 යන දින වලට. වගඋත්තරකාර පාර්ශවයේ සාක්ෂි ලැයිස්තුව ජනවාරි මස 18 වනදා වන විට ගොනු කිරිමට ශෙ‍්‍ර්ෂ්ඨාධිකරණය නියෝග කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්