සුඩානයේ හෙලිකොප්ටරයක් අනතුරට පත් වීමෙන් සුඩාන ප්රාන්ත ආණ්ඩුකාරවරයෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
සුඩානය හා ඉතියෝපියාව අතර දේශසීමාවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. ගඩාරෙෆ් ප්රාන්තයේ මර්ගානි සාලේ නමැති ප්රාන්ත ආණ්ඩුකාරවරයා ඇතුළු හය දෙනෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුණා. යානය කඩා වැටීමෙන් පසු ගිනි ගෙන තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැහැ.