fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෝ කෙන් සේකාන් සමස්ථ ලංකා කරාටි තරගාවලිය නිමාවට පත් වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 14:40

දෝ කෙන් සේකාන් සමස්ථ ලංකා කරාටි තරගාවලිය නිමාවට පත් වෙයි

ජපාන කරාටි දෝ කෙන් සේකාන් සමස්ථ ලංකා කරාටි තරගාවලිය රුහුණු විශ්ව විද්‍යාලයේදී නිමාවට පත්වුණා.

කාතා හා කුමිතේ අංශ යටතේ තරගාවලිය පැවැත්වුණා. ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 අධික පිරිසක් එක්ව සිටියා. ඔවුන් කාන්තා හා පිරිමි ඉසව් 120 ක් යටතේ තරග බිමට පිවිසියා. ඒ අතර වැඩි පිරිසක් පෙර පාසල් හා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීම කැපී පෙනෙනවා. තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග සදහා සංචිත ගත කිරීමට නියමිතයි. තරගාවලිය සංවිධාන කළේ ජපාන කරාටි දෝ කෙන් සේකාන් ශ්‍රී ලංකා සංගමයයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 14:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්