fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 13:40

ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ටී පනස් හය උණ්ඩ පනස් හයක්,ජීව උණ්ඩ හරතක්  සහ ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගොඩ  පොලීසිය සමත්වුණා.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු වැටලීමක දීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. එක් සැකකරුවෙකු මීගොඩ දාම්පේ ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගැනුණේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ හතරක් සමගයි. අනතුරුව පාදුක්ක වේරගල ප්‍ර දේශයේ නිවසක් වටලා තවත් සැකකරුවෙකු සමග ටී පනස් හය උණ්ඩ 56ක් සහ රිවෝල්වරයක් අත්අඩංගුවට ගැණුනා. සැකකරුවන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 13:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්