අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමිය ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ එස් එස් සී කණ්ඩායම හා සැරසන්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
එස් එස් සී ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයෙන් කාසියේ වාසිය දිනා එස් එස් සී කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි සැරසන්ස් කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 293 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිමි ක්‍රීඩා කළ එස් එස් සී කණ්ඩායම කඩුළු 08 ක් දැවී ලකුණු 419 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි සැරසන්ස් ක්‍රීඩකයින් තරගය නිමා වන විට කඩුළු 06 ක් දැවී ලකුණු 169 ක් ලබා සිටියා. තරගය නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.