fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ 4500 කට ප‍්‍රතිලාභ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 13:00

පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ 4500 කට ප‍්‍රතිලාභ

පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මේ වසරට අදාළ ජීවනෝපාය සංවර්ධන ව්‍යපෘති 7310 කට අදාළ රුපියල් මිලියන 370 ක ප්‍රදානය කර තිබෙනවා. එහි තවත් අදියරක් ඊයේ ක්‍රියාත්මක කෙරුණේ

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඊයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී 2018 වසරට අදාළව ජීවනෝපාය සංවර්ධන උපකරණ ප්‍රදානය සංකේතාත්මකව සිදු කෙරුණා. එහිදී  ප්‍රතිලාභීන් 4500 ක් වෙත පිරිනැමුණු ප්‍රතිලාභවල වටිනාකම  රුපියල් මිලියන 294.2 ක්. මෙහිදී ප්‍රදානයන් ලැබූ ස්වයං රැකියා ප්‍රතිලාභීන් සංඛ්‍යාව 3896 ක් වන අතර ඔවුන් සදහා වෙන්කළ මුදල රුපියල් මිලියන 214 ක්. අඩු ආදායම් ලාභී පවුල් සදහා නිවාස ඉදිකිරීමේ වැඩසටහන යටතේ ඊයේ නිවාස 40 ක් ප්‍රදානය කළා. එහි වටිනාකම රුපියල් මිලියන 24 ක්. ස්වේච්ඡා සංවිධාන, පාසල්, දහම්පාසල් 421 ක් වෙනුවෙන් රුපියල් මිලියන 48 ක ප්‍රදානයන් මෙහිදී සිදු කෙරුණා. සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබූ පිරිස 143 ක්. මෙහිදී අදහස් දැක්වූ ප්‍රතිලාභීන්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2018 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්