ජනාධිපතිතුමා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කොට එම ධූරය සදහා මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි මස හත් වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද, දින ලබා දුන්නා. මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පූජ්‍ය දඹර අමිල හිමියන්. රාජපක්ෂ මහතා පත්කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.