අලුත්ගම කන්දේ විහාරාධිපති ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද
Related Articles
අපවත්වී වදාළ අලුත්ගම කන්දේ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වලල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝ නායක කීර්ති ශ්‍රී වාගීෂ්වර පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පැවැත්වෙනවා.
දකුණු ආසියාවේ විශාලතම බුදුපිළිම වහන්සේ නිර්මාණය කරවීම ඇතුලු, විහාරස්ථ සංවර්ධන කටයුතු රැසක් පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේ සිදුකළ බවද ජනාධිපතිතුමා සිහිපත් කරනවා. කන්දේ විහාරය පන්සලක් පමණක් නොව භික්ෂු අධ්‍යාපනය සඳහා වෙන් වූ ස්ථානයක් බවට පත්කරමින් ශික්ෂාකාමී භික්ෂු පරපුරක් බිහි කිරීමට ද උන්වහන්සේ කටයුතු කළා. අසරණ ජනතාවට ලක්ෂ ගණනින් ආධාර උපකාර සිදුකළ උන්වහන්සේගේ අපවත්වීම පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කරන්නේ. කන්දේවිහාරාධිපති පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන්වහන්සේ අපවත් වනවිට 79 වන වියේ පසුවුණා. උන්වහන්සේගේ දේහය අලුත්ගම කන්දේ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. අවමංගල්‍ය පෙරහැර පස්වරු දෙකට පිටත්වීමට නියමිතයි. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද අදාහන පූජෝත්සවය මොරගල්ල, කාලවිලවත්ත ක්‍රීඩාංගනයේ දී පස්වරුවේ සිදු කෙරෙනවා.