කොලොම්බියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
අනතුරෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබුවා. බාස්කට්බෝල් ක්රීඩකයින් පිරිසකුයි මෙම බස් රථයේ ගමන් කර ඇත්තේ. අනතුරට හේතුව බස් රථයේ යාන්ත්රික දෝෂයක්ද යන්න පිලිබදව සෙවීමට පොලීසිය විමර්ශන සිදු කරනවා. 2017 වසරේ කොලොම්බියාවේ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 6700 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.