ඇමෙරිකාවේ ගිනිකොන දිග ප්‍රදේශයට බලපා ඇති හිම පතනය හා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ජන ජීවිත අඩාල වි තිබෙනවා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 1600 ක් පමණ අවංලගු කර තිබෙනවා. නිවාස තුන්ලක්ෂ අසූදහසකට අධික සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇති බව ද වාර්තා වනවා. අයහපත් කාලගුණයත් සමග වාර්තා වී ඇති අනතුරු සංඛ්‍යාව 60 කට අධිකයි. ඇතැම් ප්‍රදේශවලට අනතුරු ඇගවීම්ද නිකුත් කර තිබෙනවා.